දෙසැම්බර් 01 සිට 15 දක්වා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්..

by Sagarika Chathumali 30-11-2021 | 9:38 PM

COLOMBO (NEWS1ST) :   2021 දෙසැම්බර් පළමු වැනිදා සිට 15 දක්වා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී කරවා ගත හැක්කේ උත්සව ශාලාවේ උපරිම ධාරිතාවයෙන් 1/3 පිරිසක් පමණි. එම පුද්ගලයින් සංඛ්‍යාව 200 නොඉක්මවිය යුතු බව ද නව මාර්ගෝපදේශවල සඳහන් ය. මේ අතර එළිමහන් මංගල උත්සව සඳහා සහභාගී කරවා ගත හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 250 කි. එමෙන්ම නව මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සවවලදී මත්පැන් සංග්‍රහ තවදුරටත් තහනම් වේ. සිනමා හල් හා රංග ශාලාවල ප්‍රේක්ෂක සංඛ්‍යාව ආසන ධාරිතාවෙන් 75 % ක්විය යුතු ය. සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව පහතින්...