ගෑස් සිලින්ඩර් ගිනිගැනීම් විමර්ශනයට ජනපති කමිටුවක්

ගෑස් සිලින්ඩර් ගිනිගැනීම් හෝ පුපුරායාම් විමර්ශනයට ජනපති කමිටුවක්

by Sagarika Chathumali 30-11-2021 | 5:14 PM

COLOMBO (NEWS1ST) : දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තා වන ගෘහස්ත, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කමිටුවක් පත් කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් මෙසේයි. ? ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ? මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් ? ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්.ඩී.ඩබ්. ජයතිලක ? මහාචාර්ය ප්‍රදීප් ජයවීර ? ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු ? කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි ? ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගේ හා දැනට ඇති අධ්‍යනයන් හා විවිධ අදහස් විමර්ශනය කර, සති 2ක් ඇතුළත වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කමිටුවට උපදෙස් දුන් බවයි.