ගෑස් අර්බුදය ගැන පසු විපරමක්...

ගෑස් අර්බුදය ගැන පසු විපරමක්...

by Staff Writer . 30-11-2021 | 10:13 PM

COLOMBO (NEWS1ST) :  ගෑස් අර්බුදය ගැන පසු විපරමක්....

දිනය : 2021 -04- 24 ලිට්රෝ සමාගමෙන් ලීටර 18 ක ප්‍රිමියම් හයිබ්‍රිඩ් නමින් ගෑස් සිලින්ඩරයක්. සිලින්ඩරයේ ගෑස් ප්‍රමාණය අඩු බවට පාරිභෝගිකයින්ගෙන් මැසිවිලි. දිනය : 2021 -05 -06 ගෑස් සිලින්ඩරවල සංයුතිය පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පරීක්ෂණයක්. ලෝක වෙළඳපොළ මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් මෙරට ගෑස් මිල ගණන් ඉහළ දැමීමට ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වලින් දිගින් දිගටම ඉල්ලීම්. ගැස් වෙළඳපොළට 30% ක පමණ දායකත්වයක් සැපයූ ලාෆ්ස් සමාගම ගෑස් ආනයනය නතර කරයි. දිනය :  2021-06-20 ඕනෑම වර්ණයක සිලින්ඩරවලට ගෑස් ලබාදෙන බව ලිට්රෝ කියයි. ලාෆ්ස් ගෑස් සිලින්ඩරවලට ලිට්රෝ ගෑස් ලබාදීම ගැන ලාෆ්ස් සභාපති ඩබ්ලිව් කේ.එච්. වෑගපිටිය මහතාගේ කනස්සල්ල. දිනය :  2021-06-21 ගෑස් මිලදී ගැනීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීම සමාගම දෙක විසින් ඒකාබද්ධව සිදුකළ යුතු බවට කැබිනට් තීරණයක්. ගෑස් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සමාගම් දෙකේ නියෝජිතයින් ද ඇතුළත් විශේෂ කමිටුවකට පැවරීමටත් කැබිනට් අනුමැතිය දිනය : 2021-08-12 කිලෝග්‍රැම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් වැඩි කිරීමට ලාෆ් සමාගමට අනුමැතිය. ගෑස් හිඟය යළිත් උග්‍රවෙයි. ප්‍රදේශ රැසක දිගු පෝළිම්. දිනය :  2021-09-25 ගෑස් හිඟයට විසඳුමක්... ලිට්රෝ හා ලාෆ් ඒකාබද්ධ කර සියොලිට් නමින් අලුත් සමාගමක්. දිනය : 2021-11-05 ගෑස් හිගයට හේතුව මාෆියාවක්, ගෑස් නොදී දිගු කාලින සැපයුම් ටෙන්ඩරය දීර්ඝ කරන්න බලපෑම් කරනවා, ලිට්රෝ සභාපති කියයි.
''කාටවත් මේ වෙළඳපොළට එන්න දෙන්නේ නැහැ. එක කණ්ඩායමක් විතරයි මේ වෙළඳාම කරන්නේ''
ගෑස් හිඟය දිගටම... ඒ අතර ප්‍රදේශ රැසක ගෑස් අනතුරු. අද (2021-11-30) ගෑස් අනතුරු ගැන විමර්ශනයට හා විසඳුම් සෙවීමට ජනපතිගෙන් කමිටුවක්. මේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නොවේ ද? එය වහා විසඳීමට පියවර ගත යුතු නොවේ ද?

වගකිව යුත්තන්ගේ අවධානයට...