උත්සව සමයේ රට වසා දැමීමේ සූදානමක් නැහැ

උත්සව සමයේ රට වසා දැමීමේ සූදානමක් නැහැ - ඇමති රමේෂ් පතිරණ

by Staff writer 30-11-2021 | 2:27 PM

COLOMBO (NEWS1ST) : උත්සව සමයේ රට වසා දැමීමට සූදානමක් නැතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ්පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, අද(30) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ය. ඔහු සඳහන් කළේ, මේ වනවිට රටේ රටේ ජනගහනයෙන් බොහෝ පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවය. ඒ හේතුවෙන් උත්සව සමයේ වගකීමෙන් කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.