පුත්තලමේදී පුද්ගල ඝාතනයක්..

ආරවුලක් දුර දිග ගොස් පුද්ගලයෙකු ඝාතනය කෙරේ..

by Staff writer 30-11-2021 | 10:57 AM

COLOMBO (NEWS1ST) : පුත්තලම, දෙවන හරස්වීදිය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ආරවුලක් දුර දිගයාමෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මියගොස් ඇත්තේ, 25 හැවිරිදි පුත්තලම පදිංචිකරුවෙකි. ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද (30)පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.