හිටපු අමාත්‍ය සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Staff writer

30 Nov, 2021 | 9:33 am

COLOMBO (NEWS1ST) : එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයෙකු වූ බී. සිරිසේන කුරේ මහතා අද අභාවප්‍රාප්ත විය.

ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

එක්සත් ජාතික පක්ෂයෙන් 1989 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත් වන සිරිසේන කුරේ මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු ද වෙයි.

බී . සිරිසේන කුරේ මහතා 1979 සිට 1989 දක්වා කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]