ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්..

වැස්සේ බාධා මැද ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්..

by Staff writer 29-11-2021 | 9:53 PM

COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද(29) ආරම්භ විය.

පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 113 ක් රැස් කර ගෙන සිටියේ ය. වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන්, තරගයේ ආරම්භය ප්‍රමාද වූ අතර කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. චරිත් අසලංක අද ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තේ 157 වැනි ක්‍රීඩකයා ලෙසය. පැතුම් නිස්සංක සමගින් නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළේ ය. පැතුම් නිස්සංක අද වාර්තා කළේ, ටෙස්ට් පිටියේ 3 වැනි අර්ධ ශතකයයි. නායක දිමුත් කරුණාරත්න ලකුණු 42 ක් රැස් කළේ ය. පළමු දිනය සඳහා තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි පැතුම් නිස්සංක ලකුණු 61 ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 2 ක් රැස් කර ගෙන සිටියේ ය.