''මේවා දාලා ගියත් අපි ඒවට අත උස්සන්නෙ නෑ''

රටට අවාසි කොන්දේසි මත නිව් ෆෝට්‍රෙස් ගිවිසුමට අත උස්සන්නේ නැහැ - මහින්දානන්ද

by Staff Writer . 29-11-2021 | 11:03 PM

COLOMBO (NEWS1ST) :  පොහොර ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අද අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රය විදේශීයකරණය සම්බන්ධයෙන් ද පිළිතුරු දීමට සිදුවිය.

හිටපු බලශක්ති විෂය භාර අමාත්‍යවරයෙකු ද වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇමරිකානු සමාගමක් සම්බන්ධ LNG ගිවිසුම ගැන අදහස්  පළ කරමින් පැවසුවේ, රටට අවාසි කොන්දේසි මත නිව් ෆෝට්‍රෙස් ගිවිසුමට සහය පළ නොකරන බවයි.