Omicron මෙරටට පැමිණීමේ අවදානම අඩුයි-ඇමති ප්‍රසන්න

නව කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණීමේ අවදානම ඉතා අඩුයි - ඇමති ප්‍රසන්න රණතුංග

by Staff writer 29-11-2021 | 9:26 AM

COLOMBO (NEWS1ST) : පසුගිය කාල සීමාව තුළ කොවිඩි වැළඳුණු සංචාරකයින් මෙරටට පැමිණීමේ සංඛ්‍යාව ඉතා අඩු අගයක පැවති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ, දකුණු අප්‍රිකානු නව කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානම ද පහළ අගයක පවතින බවයි. දින 14 ක නිරෝධායන කාල සීමාවක අවශ්‍යතාවක් තවම නොමැති බව ද, අමාත්‍යවරයා පැවසුවේ ය.