COLOMBO (NEWS1ST): මෙරටින් කොරෝනා මරණ 23 ක් වාර්තා වී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 16 දෙනෙකු පිරිමි ආසාදිතයින් වන අතර ඉතිරි 07 දෙනා කාන්තා ආසාදිතයින් ය.
වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 4 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 19 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (29) වාර්තා කරන ලද මෙම මරණ 23 සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
