ආහාර බහාලුම් දහසක් කොළඹ වරායේ..

ඩොලර් හිඟයෙන් ආහාර බහාලුම් දහසක් කොළඹ වරායේ..

by Staff writer 29-11-2021 | 9:23 AM

COLOMBO (NEWS1ST) : ඩොලර් හිඟවීම හේතුවෙන් ආහාර ද්‍රව්‍ය රැගත් බහාලුම් දහසකට වැඩි සංඛ්‍යාවක් කොළඹ වරායේ සිරවී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, සීනි, සුදු ලූණු, වියළි මිරිස්, කඩල ඇතුළු ආහාර ද්‍රව්‍ය එම බහාලුම්වල ඇති බවය.