නැනෝ නයිට්‍රජන් දියර පොහොරවලට හදිසි ඇනවුමක්..

හදිසි ඇනවුමකින් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් මෙරටට ගේන්න සැලසුම්..

by Staff writer 28-11-2021 | 10:31 AM

COLOMBO (NEWS1ST) : ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක්, හදිසි ඇනවුමක් ලෙස ගෙන ඒමට රජය තීරණය කර තිබේ.

කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ, ඉදිරි දින 2 තුළ එම පොහොර තොගය මෙරටට ගුවන් මගින් රැගෙන එන බවය.