මහවැලි ගගේ අතුරුදන් පුද්ගලයාගේ සිරුර සොයා ගනී

මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ..

by Staff writer 28-11-2021 | 4:06 PM

COLOMBO (NEWS1ST) : මහනුවර, ඉලුක්මෝදර ප්‍රදේශයේදී මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළීමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී මහනුවර – ගුරුදෙණිය මාර්ගයේ ගමන් කරමින් තිබූ එම මෝටර් රථය වේගය පාලනය කර ගත නොහැකිව අනතුරකට ලක්ව මහවැලි ගඟට පෙරළී ඇති බවයි. මෝටර් රථයේ ගමන් කරමින් සිටි තිදෙනාගෙන් දෙදෙනෙකු බේරාගෙන ගෙන ඇති අතර ඔවුන් මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. ඔවුන් දෙදෙනා, එම මෝටර් රියැදුරු සහ එහි ගමන් කළ තවත් අයෙකි. රියැදුරු ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා 47 හැවිරිදි රත්නපුර පදිංචිකරුවෙක් ය.