සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීම්

මහ ඔයේ පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක අනතුරු ඇඟවීම්

by Sagarika Chathumali 28-11-2021 | 6:42 AM

COLOMBO (NEWS1ST) :  මහ ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල ගිරිඋල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරඳගොල්ල, නාඋල්ල, දිවුල්දෙණි සහ වැලිහිඳ යන ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

මීට අමතරව මීගමුව - කුරුණෑගල මාර්ගය ගිරිඋල්ල නගරය අසලදී මහ ඔයේ පිටාර ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. තවද මහ ඔය ද්‍රෝණියේ අලව්ව, මීරිගම, පන්නල, වෙන්නප්පුව මීගමුව, කටාවන සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට ද සුළු ගංවතුර තත්ත්වයක් අවදානමක් පවතින බව  ද එහි සඳහන් ය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙම තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි.