ගඟට පෙරළුණු මෝටර් රථය හමුවේ..

මහවැලි ගඟට පෙරළුණු මෝටර් රථය සොයා ගැනේ, අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම්..

by Staff writer 28-11-2021 | 3:49 PM

COLOMBO (NEWS1ST) : මහනුවර - ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගඟට පෙරළුණු මෝටර් රථය සොයාගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, මේ වනවිට එහි සිට අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. එලෙස අතුරුදන්ව ඇත්තේ, ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම මෝටර් රථය ඊයේ(27) රාත්‍රී ඉලුක්මෝදර ප්‍රදේශයේදී වේගය පාලනය කරගත නොහැකිව මහවැලි ගඟට පෙරලී තිබුණි. එම අවස්ථාවේදී එහි සිටි දෙදෙනෙකු බේරාගෙන මහනුවර රෝහලට ඇතුළත් කෙරුණ. ඔවුන් දෙදෙනා එම මෝටර් රියැදුරු සහ එහි ගමන් කළ තවත් අයෙකි. රියැදුරු ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා 47 හැවිරිදි රත්නපුර පදිංචිකරුවෙක් ය.