මහනුවරදී මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළෙයි

මහනුවර, ඉලුක්මෝදරදී මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළෙයි

by Sagarika Chathumali 28-11-2021 | 7:57 AM

COLOMBO (NEWS1ST) :  මහනුවර, ඉලුක්මෝදර ප්‍රදේශයේදී පුද්ගලයින් 03 දෙනෙකු රැගත් මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළීමෙන් එක් අයෙකු අතුරුදන්ව තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී මහනුවර - ගුරුදෙණිය මාර්ගයේ ගමන් කරමින් තිබූ එම මෝටර් රථය වේගය පාලනය කර ගත නොහැකිව අනතුරකට ලක්ව මහවැලි ගඟට පෙරළී ඇති බවයි. මෝටර් රථයේ ගමන් කරමින් සිටි තිදෙනාගෙන් දෙදෙනෙකු බේරාගෙන ගෙන ඇති අතර ඔවුන් මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. මෝටර් රථයේ සිටි අනෙක් පුද්ගලයා සහ මෝටර් රථය මෙතෙක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නොමැති අතර අතුරුදන් පුද්ගලයා සොයා පොලීසිය සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.