පාන් ගෙඩියක මිලත් ඉහළට

පාන් ගෙඩියක මිලත් ඉහළට

by Staff writer 28-11-2021 | 11:39 AM

COLOMBO (NEWS1ST) : අද(28) මධ්‍යම රාත්‍රියේ සිට, පාන් රාත්තලක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ අතර හෙට (29) සිට රෝල්ස්, එළවළු රොටි , බිත්තර රොටි, පරාට ඇතුළු කෑම වර්ගවල මිල රුපියල් 5 කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසා සිටියේ ය. එහි සභාපතිවරයා පැවසුවේ, කොත්තුවක මිල ද රුපියල් 10 කින් ඉහළ දමන බවයි.