නුවර පාරේ වසා දැමුණු කඩුගන්නාව යළි විවෘතයි

නුවර පාරේ වසා දැමුණු කඩුගන්නාව යළි විවෘතයි

by Sagarika Chathumali 28-11-2021 | 7:42 AM

COLOMBO (NEWS1ST) :  තාවකාලිකව වසා දැමුණු මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ, පහළ කඩුගන්නාව ප්‍රදේශය අද (28) උදෑසන 6 .00 සිට යළි විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කෑගල්ල හා කඩුගන්නාව අවට පැවති අධික වර්ෂාව හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නව කොටස ඊයේ රත්‍රී තාවකාලිකව වසා දැමිණ.