Omicron හඳුනා ගන්න ජාන විශ්ලේෂණයත් වේගවත් වෙයි..

නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනා ගැනීමට මෙරට ජාන විශ්ලේෂණ කටයුතු වේගවත් කෙරේ..

by Staff writer 28-11-2021 | 10:15 AM

COLOMBO (NEWS1ST) : දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් (Omicron) නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා වන ජාන විශ්ලේෂණ කටයුතු වේගවත් කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා වන සියලු නිර්නායක මේ වනවිට ඉදිරිපත් කර ඇති බවයි. නව වෛරස් ප්‍රභේදය PCR පරීක්ෂණයකින් හඳුනා ගැනීමට හැකියාව පවතින බව ද ඔහු සඳහන් කළේ ය.