තවත් ෆයිසර් තොගයක් ලබන සතියේ මෙරටට..

තවත් ෆයිසර් තොගයක් ලබන සතියේ මෙරටට..

by Staff writer 28-11-2021 | 10:14 AM

COLOMBO (NEWS1ST) : ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 2.9 ක් ලබන සතියේ මෙරටට රැගෙන එන බව රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව පවසයි.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, බෙල්ජියමේ සිට එම එන්නත් රැගෙන එන බවයි. ඒ සමග මෙරටට රැගෙන එනු ලැබූ සම්පූර්ණ ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 05 කි.