මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ..

මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ..

මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ..

කර්තෘ Staff writer

28 Nov, 2021 | 4:06 pm

COLOMBO (NEWS1ST) : මහනුවර, ඉලුක්මෝදර ප්‍රදේශයේදී මෝටර් රථයක් මහවැලි ගඟට පෙරළීමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී මහනුවර – ගුරුදෙණිය මාර්ගයේ ගමන් කරමින් තිබූ එම මෝටර් රථය වේගය පාලනය කර ගත නොහැකිව අනතුරකට ලක්ව මහවැලි ගඟට පෙරළී ඇති බවයි.

මෝටර් රථයේ ගමන් කරමින් සිටි තිදෙනාගෙන් දෙදෙනෙකු බේරාගෙන ගෙන ඇති අතර ඔවුන් මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

ඔවුන් දෙදෙනා, එම මෝටර් රියැදුරු සහ එහි ගමන් කළ තවත් අයෙකි.

රියැදුරු ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා 47 හැවිරිදි රත්නපුර පදිංචිකරුවෙක් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]