කොරෝනා ආසාදිතයින් 742 ක්… මරණ 27 ක්

කොරෝනා ආසාදිතයින් 742 ක්… මරණ 27 ක්

කොරෝනා ආසාදිතයින් 742 ක්… මරණ 27 ක්

කර්තෘ Sagarika Chathumali

28 Nov, 2021 | 9:44 pm

COLOMBO (NEWS1ST): අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 742 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර තවත් කොරෝනා මරණ 27 ක් අද (28) මෙරටින් වාර්තා විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 14 දෙනෙකු පිරිමි ආසාදිතයින් වන අතර ඉතිරි 13 දෙනා කාන්තා ආසාදිතයින් ය.

වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 5 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 22 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (28) වාර්තා කරන ලද මෙම මරණ 27 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]