සේවකයෙකුගේ පහරදීමකින් ස්වාමියා මරුට..

සේවකයෙකුගේ පහරදීමකින් ස්වාමියා මරුට..

by Staff writer 27-11-2021 | 12:53 PM

COLOMBO (NEWS1ST) : වැල්ලව, තඹගල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පහරදීමෙන් මියගොස් ඇති බවයි. පහරදීම සිදු කර ඇත්තේ එහි සිටි සේවකයෙකි. පොලීසිය සඳහන් කළේ, අද(27) අලුයම මරණකරුගේ නිවසේදී ඔහුට පහරදීම සිදු කර ඇති බවයි. වයස අවුරුදු 46 ක ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සිද්ධියෙන් මිය ගොස් තිබේ. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත