මාකුඹුර බස් පර්යන්තයේ සිට නව බස් සේවාවක්

මාකුඹුර බස් පර්යන්තයේ සිට අන්තර් පළාත් බස් සේවාවක්..

by Staff writer 27-11-2021 | 9:59 AM

COLOMBO (NEWS1ST) : කොට්ටාව, මාකුඹුර බස් පර්යන්තයේ සිට අන්තර් පළාත් නව බස් සේවාවක් ලබන මාසයේ සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ නිලාන් මිරින්ඩෝ මහතා සඳහන් කළේ, අනුරාධපුර, මහනුවර, මොණරාගල, කුරුණෑගල, වව්නියාව, මුලතිව් යන ප්‍රදේශයන්ට එම බස්රථ ධාවනය කෙරෙන කිරීමට නියමිත බවය.