පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ජාත්‍යන්තර කළමනාකරණ පර්යේෂණ සැසිය සාර්ථකව අවසන්

by Sagarika Chathumali 27-11-2021 | 9:09 PM

COLOMBO (NEWS1ST) : පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය අන්තර්ජාතික කළමනාකරණ පර්යේෂණ සැසිය (iPUMSE) පසුගිය දා (26) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්විය.

අර්බූදකාරි තත්ත්වයක් තුළ වටිනාකම් ජනිත කිරීම මෙවර පර්යේෂණ සැසියේ තේමාවයි. කළමනාකරණ පීඨ පරිශ්‍රයේදී පැවති සැසියේ ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගී වූයේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතායි. සැසිය අමතමින්  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා COVID-19 වසංගත තත්ත්වය හමුවේ අභියෝග මධ්‍යයේ මාර්ගගත ක්‍රමවේදයට විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සිදු කළ ආකාරය පිළිබඳව අදහස් පළ කළේ ය. මහාචාර්ය අන්ද්‍රේ යූ සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළේ ය. ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල විද්‍යාඥවරුන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, වෘත්තිකයින්, උපාධිධාරීන් සහ සරසවි සිසුන් ඇතුළු පිරිසක් සමුළුවට සහභාගී වී සිටීම විශේෂත්වයකි.