පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ 05 දෙනෙකු අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ 05 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 27-11-2021 | 9:31 AM

COLOMBO (NEWS1ST) : බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන වෑන් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවන් 05 දෙනෙකු පදවිය ආරියදාසගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී ඇමෝනියා නයිට්රේට් කිලෝග්‍රැම් 53ක් , ඩෙටනේටර් 320ක් , ජෙලට්නයිට් කුරු 178 ඇතුළු උපකරණ තොගයක් සොයාගත් බවය. අත්අඩංගුවට ගත් සැකකරුවන් 29 - 46 ත් අතර වයස්වල පසුවන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් අද(27) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.