පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන අගමැතිගෙන් උපදෙසක්..

පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ ලාභ ලබන තත්ත්වයට පත් කරන්න - අගමැතිගෙන් උපදෙස්

by Staff writer 27-11-2021 | 9:47 AM

COLOMBO (NEWS1ST) : පාඩු ලබන රාජ්‍ය ආයතන ලබන වසරේදී ලාභ ලබන ආයතන ලෙස පරිවර්තනය කර ගැනීම කෙරෙහි සියලු නිලධාරින්ගේ අවධානය යොමුවිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, සියලු රාජ්‍ය ආයතන ලබන වසරේදී විශේෂ ප්‍රගතියක් අත්කරගත යුතු බවයි. ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනයන්හි තෙවන කාර්තුව සඳහා වූ ප්‍රගති සමාලෝචනයට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා එක්වෙමින් ය.