COLOMBO (NEWS1ST) : හෙට(28) පෙරවරු 8.00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, සබරගමුව, බස්නාහිර , වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි.
ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 පමණ තදවැසි ඇතිවිය හැකි ය.
අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ අතර ප්‍රධාන ජලාශ 23 ක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලකළමණාකරණ ඒකකයේ අධ්යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, ජලාශ රැසක වාන් දොරටු මේ වනවිට වසා දමා ඇති බවයි.
