නුවර පාර පහළ කඩුගන්නාවෙන් යළි වැසෙයි

කොළඹ - නුවර පාර පහළ කඩුගන්නාවෙන් යළි වසා දැමේ

by Sagarika Chathumali 27-11-2021 | 9:59 PM

COLOMBO (NEWS1ST) :  කෑගල්ල හා කඩුගන්නාව අවට පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නව කොටස හෙට (28) පෙරවරු 6.00 දක්වා වසා දමා තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙන්නේ,  එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.