ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මරුට..

ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මරුට..

ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මරුට..

කර්තෘ Staff writer

27 Nov, 2021 | 11:28 am

COLOMBO (NEWS1ST) : කොළඹ, කොටුවේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, බාරොන් ජයතිලක මාවතේ අලුත්වැඩියා කරමින් පවතින ගෆූර් ගොඩනැගිල්ලේ ඉහළ මාලයෙන් ඔහු ඇඳ වැටී ඇති බවයි.

නාවික හමුදා ඉංජිනේරු බලකාය මගින් මෙම ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබයි.

පොලීසිය සඳහන් කළේ, බරපතල තුවාල ලැබූ නාවික හමුදා සෙබළා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ, 34 හැවිරිදි කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]