සරසවි ප්‍රවේශයට සිසුන් ලියාපංදිචිය අද සිට..

සරසවි ප්‍රවේශයට සිසුන් ලියාපංදිචිය අද සිට..

by Staff writer 26-11-2021 | 9:15 AM

COLOMBO (NEWS1ST) : විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස් පෙළ සිසුන්ගේ ලියාපදිංචිය අද (26) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, සුදුසුකම් ලැබූ සිසුන්ට අද දහවල් 12.00 ට පෙර ඔවුන්ගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ඔස්සේ දැනුම් දෙන බවයි. ලබන මස 5 වැනිදා දක්වා ලියාපදිංචිය සිදු කෙරෙන බවද මහාචාර්යවරයා සඳහන් කළේ ය.