පනාමුර පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණය: 8 ක් අත්අඩංගුවට

පනාමුරේ පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයේ සැකකරුවන් අද (26) අත්අඩංගුවට

by Sagarika Chathumali 26-11-2021 | 10:04 PM

COLOMBO (NEWS1ST) :  පසුගිය 17 වනදා පනාමුර පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ සැකකරුවන් 8 දෙනෙකු අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, උද්ඝෝෂකයින් පොදු දේපළවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වැඩිදුර විමර්ශන පවත්වා හඳුනා ගත් සැකකරුවන් 8 දෙනෙකු  අද එලෙස අත්අඩංගුවට  ගත්  බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් 10,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප කොන්දේසි මත මුදා හැර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 ත් 53 ත් අතර වයස්වල පසුවන වැලිපොතයාය, වෑඅතුර හා වලව්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. පසුගිය 17 වනදා පනාමුර පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු ගෙළ වැළලාගෙන මිය යාමේ සිද්ධියට විරෝධය පළ කරමින් පනාමුර හන්දිය අඹිලිපිටිය , කොලොන්න, මිද්දෙණිය සහ රංචමඩම යන ප්‍රධාන මාර්ග අවහිර කරමින් ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරත වූහ. සිදුවීමට අදාළව එදින විකාශය කෙරුණු දර්ශන...   https://www.youtube.com/watch?v=xJkTnOvM6bo