දැඩි ලෙස විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක්

දැඩි ලෙස විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක්

by Sagarika Chathumali 26-11-2021 | 8:37 AM

COLOMBO (NEWS1ST) : දකුණු අප්‍රිකාවෙන් දැඩි ලෙස විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගෙන තිබේ.

මේ වනවිට මෙම නව ප්‍රභේදයේ ආසාදිතයින් 59 දෙනෙකු පමණ දකුණු අප්‍රිකාව, හොංකොං, බොට්ස්වානා රාජ්‍යයන්ගෙන් හඳුනාගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර B.1.1.529 හඳුන්වා ඇති මෙම ප්‍රභේදය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අද (26) දිනයේ නාමයක් ලබා දීමට නියමිත බව ද වාර්තා වේ. මේ අතර දකුණු අප්‍රිකාවෙන් නව ප්‍රභේදය හඳුනා ගැනීමත් සමග ඉන්දියාවට පැමිණෙන සංචාරකයින් දැඩි පරීක්ෂාවට ලක් කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු අප්‍රිකාව, හොන්කොන්, බොට්ස්වානා හි සිට පැමිණෙන සංචාරකයින් දැඩි කොවිඩ් පරීක්ෂාවන්ට ලක් කෙරෙන බවයි.