by Sagarika Chathumali 25-11-2021 | 5:56 PM
COLOMBO (NEWS1ST) : අත්අඩංගුවට ගැනුණු කින්නියා නගරසභා සභාපතිවරයා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
සභාපතිවරයා අත්අඩංගුවට ගැනුණේ, පාරුව පෙරළීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
මේ අතර පාසල් ළමුන් ඇතුළු 06 දෙනෙකුට මරු කැඳවූ කින්නියා පාරු අනතුර සම්බන්ධයෙන් , ඊයේ (24) අත්අඩංගුවට ගනු ලැබූ පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා ද ලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
කැඩුණු පාලමක් ඉදිකිරීම ප්‍රමාදවීම නිසා භාවිත කළ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් සිව් දෙනක් ඇතුළු 6 දෙනෙක් පසුගිය 23 වනදා කින්නියා කළපුවට බිලි වූහ.
පාසල් දරුවන් ඇතුළුව අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 20 දෙනෙකි.