බලයට පත්ව පැය කිහිපයකින් ඉල්ලා අස්වූ අගමැතිනිය

ස්වීඩනයේ පළමු අගමැතිනිය බලයට පත්වී පැය කිහිපයකින් ඉල්ලා අස්වෙයි

by Staff Writer . 25-11-2021 | 9:49 AM

COLOMBO (NEWS1ST) :  මැග්ඩලීනා ඇන්ඩර්සන්, ස්වීඩනයේ පළමු අග්‍රාමාත්‍යවරිය බවට පත්ව පැය කිහිපයකට පසු ඉල්ලා අස්වී තිබේ.

ඒ, සභාග ආණ්ඩුව යටතේ ඉදිරිපත් කළ අය-වැය යෝජනාව පරාජයට පත්වීමත් සමගයි. අන්ත දක්ෂිණාංශ නියෝජිතයින් සමග පළමු වරට ඉදිරිපත් කළ අය වැය යෝජනාව පිළිගත නොහැකි බව ඇය පිහිටවූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සඳහන් කළේ ය. කතානායකවරයාට ඉල්ලා අස්වීම භාරදීමෙන් අනතුරුව ඇය සඳහන් කළේ, තනි පක්ෂයකින් ආණ්ඩුවක් පිහිටුවා ඉදිරියේදී යළි බලයට පත්වන බවයි. ඒ අනුව ස්වීඩනයට පත්වූ පළමු අග්‍රාමාත්‍යවරිය වන මැග්ඩලීනා ඇන්ඩර්සන්, එම ධුරයේ රැඳී සිටියේ පැය 12 කටත් අඩු කාලයකි.