විදුලි ඉංජිනේරුවන් අද (25) සිට අකුරට වැඩ

by Staff Writer . 25-11-2021 | 11:50 AM

COLOMBO (NEWS1ST) :  අද මධ්‍යහන 12 සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරිමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

දැන් පැවැත්වෙන් මාධ්‍ය හමුවකදි ඔවුන් කියා සිටියේ ඉල්ලීම් 6 ක් මුල් කරගන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි. අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන නිව් ෆෝට්‍රෙස් LNG ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම. ?දැනට සිදු වන LNG ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාම. ?විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම. ?1969 අංක 17 දරණ විදුලිබල මන්ඩල පනත සංශෝධනය අත්හිටුවීම. ?සමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීතරණයෙන් වැළැක්වීම.. ?ජ්‍යෙෂ්ඨ කළමානාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම. විදුලි ඉංජීනේරුවන්ගේ ඉල්ලීම් වේ. දහවල් 12 සිට ක්‍රියාත්මක වන අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අනුව ඔවුන් සේවයට වාර්තා කරන්නේ උදෑසන් 8.30 සිට සවස 4.15 දක්වා පමණයි. නමුත් හදිසි තත්වයන් හා බිඳ වැටීම්වලදී පමණක් නියමිත රාජාකාරී කාලයෙන් පිටත සේවයෙන් වාර්තා කරන බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි. මේ වන විට කැබිනට් මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටු තාක්ෂිනික කමිටු ව්‍යාපෘති කම්ටු සාකච්ඡා සම්මුති කමිටු ටෙන්ඩර් විවෘත්ත කිරීමේ කමිටු ඇතුළු කටයුතුවලින්ද ඉවත් ඔවුන් ඉවත්වනබව පැවසී ය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කාල සීමාව තුළ විදුලි බල මණ්ඩලවෙය් සභාපතිවරයාට සහයෝගය නොදැක්වීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බවද විදුලි ඉංජිවෙන්රු සංගමය පවසයි. ඔවුන් දැනුන් දෙන්නේ තම ඉලීලීම් සඳහා සාධාරණ විසදුමක් නොලැබෙන්නේ නම් දැනට ආරම්භ කරන පළවෙනි මට්ටමේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය දෙවන මට්ටම දක්වා ව්‍යාප්ත කරන බවයි. එසේ කළ හොත් බිඳ වැටීම් හා හදිසි තත්ත්වයන්වලින්ද ඉවත් වීමට සිදු වන බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.