රෝහල් සේවකයින් අද (25) ත් වර්ජනයේ

රෝහල් සේවකයින් අද (25) ත් වර්ජනයේ

by Staff Writer . 25-11-2021 | 2:45 PM

COLOMBO (NEWS1ST) :  ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් , සෞඛ්‍ය සේවාවේ වෘත්තීය කණ්ඩායම් 16 ක් අද දෙවන දිනටත් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිරත වේ.

ඊට හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෘත්තීය ඇතුළත් ය. උසස්වීම් නොලැබීම,වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතු වී තිබේ. කෙසේ වෙතත් අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගීන් පත්ව සිටින්නේ දැඩි අසීරුතාවකටයි.