දිගින් දිගටම ගෑස් සිලින්ඩර පුපුරන්නේ ඇයි?

දිගින් දිගටම ගෑස් සිලින්ඩර පුපුරන්නේ ඇයි?

by Staff Writer . 25-11-2021 | 10:10 PM

COLOMBO (NEWS1ST) :  අද (25)ත් ගෑස් පිපිරීමකින් සිදුවූ අනතුරක් වාර්තා විය.

මේ පසුගිය මේ මාසය තුළ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ සිව්වන අනතුරයි. කොට්ටාව පන්නිපිටිය විද්‍යාල හංදිය ආසන්නයේ නිවසක අද අලුයම මෙම අනතුර සිදුවී තිබුණි. අනතුරින් නිවසට හානි සිදුව ඇති අතර කිසිවකුටත් අනතුරක් සිදුව නොමැත.

2021 මාර්තු 03 වනදා

මරදාන සංඝරාජ මාවතේ පිහිටි හෝටලයක ද ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීමක් පුද්ගලයෙකු මරුට

2021 නොවැබ්මර් 04 වනදා

වැලිගම කප්පරතොට සංචාරක නවාතැන්පළක් තුළ අලුයම පිපිරීමක් . ගෑස් කාන්දුවක් බවට අනාවරණයක්.

2021 නොවැම්බර් 16 වනදා

තවත් ගෑස් කාන්දුවකින් රත්නපුර බස්නැවතුම්පළ අතර ගුඩ්ශෙඩ් මාවතේ පෞද්ගලික ආහාර අලවිසැලක පිපිරීමක්

2021 නොවැම්බර් 20 වනදා

කොළඹ රීඩ් මාවතේ ගොඩනැගිල්ලක පිහිටි ජාත්‍යන්තර ආහාර සැකසුම් සමාගමකට අයත් අවන්හල් පරිශ්‍රයක තවත් ගෑස් පිපිරීමක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ , කොළඹ 07 සහ වැලිගම සිදුවූ අනතුරු දෙක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ අනතුරු බවට නිගමනය කර ඇති බවයි. කොළඹ 07 අවන්හලේ ගින්න හට ගෙන ඇත්තේ, ද්‍රව පෙට්‍රෝලියම් වායුව අවහන්හල තුළ කාන්දුවී එම අවස්ථාවේ ක්‍රියාකාරීව පැවති විදුලි උපකරණයකින් නිකුත්වූ විදුලි පුලිඟුවක් හේතුවෙන් බව නිවේදයක් නිකුත් කරමින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. පසුගිය අගෝස්තු මාසයේ මාවත විද්වත් කථිකාවට එක්වූ එවක පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා ගෑස් සංයුතිය පිළිබඳව සැකයක් මතු කළේ ය.
''ගෑස් සිලින්ඩරයට SLS එකක් තියෙනවා. යකඩ සිලින්ඩරයට . ගෑස් සංයුතියට කිසිදු ප්‍රමිතියක් නැහැ. ඒ කියන්නේ කොම්පැනියට ඕනේ එකක් ඕකේ දාලා දෙන්න පුළුවන්. මෙච්චර කල් ගෑස්වල සංයුතිය තිබිලා තියෙන්නේ 20 %ක් ප්‍රොපේන්, 80% ක් බියුටේන්. ෆූවල් වැලියු එක තියෙන්නේ බියූටේන්වල. ප්‍රොපේන්වල නෙමෙයි. මේ සංයුතිය මෙච්චර කල් තිබුණා. මේ ලීටර් 18 එක දානවා කියලා කළේ, අර බියුටේන් 50% කරලා , ප්‍රොපේන් 50%කෙරුවා. ප්‍රොපේන් කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ගෑස් එකක්. ප්‍රොපේන් ඩොමස්ටික් ගෑස් එකක් නෙමෙයි. ප්‍රොපේන් කොහොමද ගෙදරක් ඇතුලේ තියා ගන්නේ. වෙන රටවල් වල මේක කරන්නේ නැහැ''