කින්නියා නගර සභා සභාපති අත්අඩංගුවට

කින්නියා ඛේදවාචකය : කින්නියා නගර සභා සභාපති අත්අඩංගුවට

by Sagarika Chathumali 25-11-2021 | 4:14 PM

COLOMBO (NEWS1ST) :  පාලම් පාරුව පෙරළීමේ සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය පවසයි.

මේ අතර කින්නියා පාරු අනතුර සම්බන්ධයෙන් , ඊයේ (24) අත්අඩංගුවට ගත් පෞද්ගලික පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා ලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කැඩුණු පාලමක් ඉදිකිරීම ප්‍රමාදවීම නිසා භාවිත කළ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් සිව් දෙනක් ඇතුළු 6 දෙනෙක් පසුගිය 23 වනදා කින්නියා කළපුවට බිලි වූහ. පාසල් දරුවන් ද ඇතුළුව අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 20 දෙනෙකි. උදෑසන 7.00ට පමණ අනතුර සිදුව තිබූ අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි පාසල් දරුවන් ඇතුළු 25 ත් 30 ත් අතර පිරිසක් ගමන් කරමින් සිට තිබිණ.