English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
25 Nov, 2021 | 8:39 pm
මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) පැවැත්වූ මෙම සම්මේලනයේ අරමුණ රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය හරහා මිනිස් ජාවාරම වැළැක්වීම සඳහා පෞද්ගලික සහ රජයන් අතර මෙන්ම සිවිල් සමාජ සංවිධාන සහ විද්වතුන් අතර ද සමීප සබඳතාවක් වර්ධනය කිරීමේ අවස්ථාවක් නිර්මාණය කිරීමයි.
මෙය පැවැත්වුණේ, මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රතිපත්ති විශ්ලේෂණ සහ මහජන කටයුතු පිළිබඳ අංශයේ අධ්යක්ෂ ජෝන් ලූක් ලෙමාහියු මහතාගේ ප්‍රධානත්වයෙනි.
සමුළුව ඇමතූ ලෙමාහියු මහතා මිනිස් ජාවාරමට විසඳුම් සෙවීම සඳහා එක්ව ක්‍රියා කිරීමේ වැදගත්කම මෙන්ම සම්බන්ධීකරණය කිරීමේ වැදගත්කම ද එහිදී අවධාරණය කළේ ය.
මිනිස් ජාවාරමට එරෙහි එක්සත් ජාතීන්ගේ ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම ඇගයීම පිළිබඳ සම්මේලනයේ අසුනක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ද වෙන්වී තිබීම විශේෂත්වයකි.
එම සුවිශේෂී අවස්ථාවේ ශ්‍රී ලංකාව නියෝජන කරමින් අදහස් පළ කිරීමට අවස්ථාව හිමිවූයේ, කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතාටයි.
රැකියා විරහිත තරුණ තරුණියන්ගේ සහ සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අවදානම්සහගත බව ඉස්මතු කරමින් ශෙවාන් ඩැනියෙල් මහතා එහිදී අදහස් පළ කළේ ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ඉල්ලා සිටියේ, මිනිස් ජාවාරමට මූල්වන හේතු සහ ඒ සඳහා වන බලපෑම් පිළිබඳ සත්‍ය දත්ත රැස් කිරීමට තවදුරටත් ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
මේ අතර මේ සඳහා පුද්ගලික අංශය ඇතුළුව සම්බන්ධීකරණ කලාපීය සහ ගෝලීය බහු පාර්ශ්වකරුවන්ගේ ප්‍රවේශයක් අවශ්‍ය කරන බව ජර්මනියේ ෆෙඩරල් රජයේ ෆෙඩරල් විදේශ කාර්යාලයේ ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ සංවිධානාත්මක අපරාධ සහ දූෂණවලට එරෙහි ජාත්‍යන්තර සහයෝගිතා අංශයේ ප්‍රධානී ග්රැබ්රියල් ෂීල් මහත්මිය සමුළුව අමතමින් පැවසුවා ය.
2021 ජුනි මාසයේදී ජර්මානු පාර්ලිමේන්තුව සම්මත කරන ලද පනත පිළිබඳ තොරතුරු ද ඇය එහිදී ඉදිරිපත් කරමින් ඇය ප්‍රකාශ කළේ, එමගින් පළමු වරට සැපයුම් දාමයන්හි නිශ්චිත මූලික මානව හිමිකම්වලට අනුකූලවීම, වැඩි දියුණු කිරීම සඳහා නිසි ක්‍රියා පටිපාටි ස්ථාපනය කිරීමට, ක්‍රියාත්මක කිරීමට සහ යාවත්කාලීන කිරීමට සමාගම්වලට බැඳීමක් පනවා ඇති බවයි.
මේ අතර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම නිරීක්ෂණය කිරීම සහ සටන් කිරීම සඳහා වන හිටපු තානාපතිවරයෙකු වන තානාපති ජෝන් කොටන් රිච්මන්ඩ් මහතා සමුළුව අමතමින් පැවසුවේ, මේ දක්වා ලබා ඇති ප්‍රගතිය සැමරිය යුතුව ඇති බවයි.
කෙසේ වෙතත්, මිනිස් ජාවාරම් සිදුවීම් හඳුනාගැනීම සහ ජාවාරම්කරුවන්ට එරෙහිව නඩු පැවරීම් අඩුවෙමින් වුව ද වින්දිතයින් හඳුනා ගැනීම අඛණ්ඩව වැඩිවීම නිසා මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා තවත් බොහෝ දේ සිදු කිරීමට ඇති බව ඔහු අවධාරණය කළේ ය.
මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මිනිස් ජාවාරම් සහ සංක්‍රමණික ජාවාරම් අංශයේ මෝර්ගන් නිකොට් , ලෝකයේ කලාප 4 ක රාජ්‍ය, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජ සහ විද්වතුන් 250 දෙනෙකුගෙන් උපදෙස් ලබා ගැනීමෙන් පසුව සකස් කරන ලද සාරසංග්රහයක් සමුළුවට ඉදිරිපත් කර තිබිණ.
සියලුම පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් මිනිස් ජාවාරමට සහ දණ්ඩ මුක්තියට තිත තැබීම සඳහා වූ එම උත්සාහය ක්‍රියාත්මක වූ ආකාරය ඇය එම සාරසංග්‍රහය ඉදිරිපත් කරමින් පැහැදිලි කර ඇත.
මෙම සම්මේලනය සඳහා සියලුම අංශ නියෝජනය කරමින් 100 කට වැඩි පිරිසක් සහභාගී වූ අතර රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය හරහා මිනිස් ජාවාරම වැළැක්විය හැකි ආකාරය සහ ඒවාට එරෙහිව සටන් කරන ආකාරය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට ද අවස්ථාව උදා වී තිබේ.
මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉහළ මට්ටමේ රැස්වීමේ ක්‍රියාවලිය පුරාවටම මහා සභා කාර්යාලයට සහය දක්වන අතර, මිනිස් ජාවාරම වැළැක්වීමට සහ ඒවාට එරෙහිවීම සඳහා වන සහභාගීත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම ඇතුළුව ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩව සහය වනු ඇති.
03 Jul, 2022 | 07:20 AM
02 Jul, 2022 | 10:16 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS