විදේශිකයින්ට තවදුරටත් නවසීලන්තයට ඇතුළුවීම තහනම්

විදෙස් සංචාරකයින්ට තවදුරටත් නවසීලන්තයට ඇතුළුවීම තහනම්

by Staff Writer . 24-11-2021 | 8:50 AM

COLOMBO (NEWS1ST) :  විදේශිය සංචාරකයින්ට නවසීලන්තයට ඇතුළු වීම තවදුරටත් සීමා කර තිබේ.

නවසීලන්ත බලධාරීන් සඳහන් කළේ, ලබන වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා එම සීමා පවතින බවයි. අප්‍රේල් 30 වැනිදායින් පසු,, කොරෝනා එන්නත් දෙකම ලබා ගත් විදේශිය සංචාරකයින්ට පමණක් නවසීලන්තයට ඇතුළු වීමට අවස්ථාව හිමවේ. අප්‍රේල් 30 වැනිදායින් පසු දැනට පවතින කොරෝනා සීමා ලිහිල් කරන බවට ද නවසීලන්ත බලධාරීන් පොරොන්දු වී ඇතැයි සඳහන් ය. නවසීලන්තය හැඳින්වෙන්නේ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි සීමා පැනවූ රාජ්‍යයක් ලෙසයි.