රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනය කිරීමට අද සිට අවසර

by Sagarika Chathumali 24-11-2021 | 10:02 AM

COLOMBO (NEWS1ST) :  රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනය කිරීමට අද (24) සිට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය. ඔහු වැඩි දුරටත් පැවසුවේ, මීට අදාළව 2021 අප්‍රේල් මාසයේ 26 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය අද (24) දිනයේ සිට ඉවත් කිරීමට ඊයේ තීරණය කළ බවයි. ඒ අනුව, පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කර වෙළඳපොළට නිකුත් කිරීමේ අවස්ථාව උදාවනු ඇති. කෙසේ වෙතත් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව  සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ,  රජයේ පොහොර සහනාධාරය, බීජ , වී සඳහා සහතික මිලක් , තාක්ෂණය, වෙළඳපොළ යනාදි සියලු දේ ලබා දෙන්නේ හරිත කෘෂිකර්මානය සඳහා බවයි.