පොල්ගොල්ලේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ

පොල්ගොල්ලේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ

by Staff Writer . 24-11-2021 | 4:28 PM

COLOMBO (NEWS1ST) :  අධික වර්ෂාවත් සමග පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර තිබේ.

වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය පැවසුවේ, වික්ටෝරියා දක්වා මහවැලි ගඟ භාවිත කරන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ය. මේ අතර නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවලට ද තරමක වැසි ඇති විය හැකියි.