ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

by Sagarika Chathumali 24-11-2021 | 7:15 AM

COLOMBO (NEWS1ST) :  උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බෙංගාල බොක්කේ පවතින කැළඹිලි ස්වභාවය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීම, ඊට හේතුවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව ද එහි සඳහන් ය. තව ද දිවයින පුරා අහස වළාකුළින් බරව පවතිනු ඇති බව ත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති බවත් එහි සඳහන් ය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණුවලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.