by Sagarika Chathumali 24-11-2021 | 1:19 PM
COLOMBO (NEWS1ST) : දස මසක් කුස දරා උපත දී සිය පණ දෙවනි කොට දරුවන් වෙනුවෙන් කැප වන උත්තරීතර අම්මාවරුන් අතරේ අහස පොළොව නුහුලන අපරාධ සිදු කරන්නට තැත් කරන කාන්තාවන් පිළිබඳවත් ඇතැම් විට අසන්නට ලැබේ.
තම කුසින් උපන් බිළිඳියට එවන් අපරාධයක් සිදු කරන්නට තැත් කළ කාන්තාවක් පිළිබඳ චාවකච්චේරී මට්ටුවිල් උතුර ප්‍රදේශයේ වාර්තා විය.
පොලීසිය පැවසුවේ, අදාළ කාන්තාව අලුත උපන් සිය බිඳිළිය නිවස පිටුපස වළක් හාරා පණ පිටින් වළලා ඇති බවයි.
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය කළ පැමිණිල්ලකට අනුව ඊයේ (23) අලුයම් කාලයේ පැමිණි පොලිස් කණ්ඩායමක් නිවස පිටුපස වළ දමා සිටි කිරිකැටි බිළිඳිය ගොඩට ගෙන ඇත.
ඒ වන විටත් ජීවත්ව සිටි බිළිඳිය යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර පොලීසිය පැවුසවේ, බිළිඳිය ප්‍රසූත කළ කාන්තාව ද චාවකච්චේරිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.