COLOMBO (NEWS1ST): අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 745 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර තවත් කොරෝනා මරණ 23 ක් අද (24) මෙරටින් වාර්තා විය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 12 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 11 දෙනා පිරිමි ආසාදිතයින් ය.
මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් ආසාදිතයෙකු ද වේ.
වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 4 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 18 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (24) වාර්තා කරන ලද මෙම මරණ 23 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
