by Staff Writer . 24-11-2021 | 9:57 PM
COLOMBO (NEWS1ST) : පාසල් ළමුන් ඇතුළු 06 දෙනෙකුට මරු කැඳවූ කින්නියා පාරු අනතුර සම්බන්ධයෙන් , අත්අඩංගුවට ගත් පෞද්ගලික පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා ලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කැඩුණු පාලමක් ඉදිකිරීම ප්‍රමාදවීම නිසා භාවිත කළ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් සිව් දෙනක් ඇතුළු 6 දෙනෙක් ඊයේ (23) කින්නියා කළපුවට බිලි වූහ.
අනතුරෙන් පාසල් දරුවන් ඇතුළු 20 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
උදෑසන 7.00ට පමණ අනතුර සිදුව තිබූ අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි පාසල් දරුවන් ඇතුළු 25 ත් 30 ත් අතර පිරිසක් ගමන් කරමින් සිට තිබිණ.
සිද්ධිය දුටුවන් වහා ක්‍රියාත්මක වී වතුරට පැන දරුවන් 7 දෙනෙකු බේරගෙන කින්නියා රෝහලට ඇතුළත් කර තිබිණ.
මියගිය හය දෙනාගෙන් සිව් දෙනෙකු ම පාසල් දරුවන් ය.
1977 වසරේ ඉදිකළ කින්නියා කුරිඤ්ඤන්කර්නි කළපුවේ පාලම කැඩී ගොස් තිබුණේ, මීට අවුරුදු 6 කට පෙරදී ය.