බල්ගේරියාවේ බස් රථයක් ගිනි ගෙන 46 ක් මරුට

බල්ගේරියාවේ බස් රථයක් ගිනි ගෙන 46 දෙනෙකු මරුට

by Staff Writer . 23-11-2021 | 4:24 PM

COLOMBO (NEWS1ST) : බල්ගේරියාවේ අධිවේගී මාර්ගයකදී බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මියගිය අය අතර කුඩා ළමුන් ද වන බවයි. එහිදී පිළිස්සුම් තුවාල ලැබූ 7 දෙනෙකු රෝහල්ගත කෙරිණ. එලෙස අනතුරට ලක්ව ඇත්තේ උතුරු මැසිඩෝනියාවේ සිට පුද්ගලයින් රැගෙන පැමිණි බස් රථයකි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මේ අතර බල්ගේරියාවේ සාත්තු නිවාසයක ඇති වූ ගින්නකින් වයෝවෘද්ධ පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ගින්න හටගන්නා අවස්ථාවේ ඒ තුළ පුද්ගලයින් 58 දෙනෙකු සිට ඇති බවයි. දුම ආඝ්‍රාණය වීම හේතුවෙන් තවත් පිරිසක් රෝහල්ගත කෙරිණ.