.webp)
''පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් සඳහා අපි තීරණයක් අරගෙන තියෙනවා.තීරණයක් ගෙන තිබියදීයී ඊයේ දවසේදී පළිබෝධනාශක රෙජාස්ටාර්වරයා විසින් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒක සම්පූර්ණ නීතිවිරෝධී ක්‍රියාවක්. ඒ නිසා ඊයේ දින මේ පුද්ගලයා මෙම තනතුරින් බවත් කරන්න අපි උපදෙස් දුන්නා. ඒ වගේම ඒ ග්ලයිෆොසෙට් තහනම නැවත පනවන්න තීරණය කරලා තියෙනවා. මේ පුද්ගලයා විසින් මීට කලිනුත් රසායනික පොහොර සමාගමකට අවශ්‍ය පරිදි පළිබෝධනාශක ගෙන්වන්න කටයුතු කරලා මොහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා. රජය මේ තීන්දුව ගනිද්දි අපිට අමාත්‍යංශයේ තියෙන ලොකුම අර්බුදය තමයි මේ රසායනික පොහොර සමාගම්, මේ රසායනික පොහොර ආනයනකරුවන් අපේ අමාත්‍යාංශ නිලධාරීන් එක්ක පහුගිය කාලයේ පුරාවට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මීට පෙරත් පළිබෝධනාශක ගෙන්වීමේදී , කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේදී මේ පුද්ගලයා විසින් එක් සමාගමකටම පක්ෂව යෝජනා එවලා තිබුණා. කැබිනට් මණ්ඩලයට. දෙවන වරත් ඒ විදිහටම එවලා තිබුණා. ඒ නිසා ඔහුට විරුද්ධව දැනටමත් විනය පරීකෂණයක් පැවැත්වෙනවා. ඒ වගේම ග්ලයිෆොසෙට් තහනම ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව සඳහන් කරන්න කැමතියි''
ගැසට් නිවේදන මගින් සිදුවූයේ කුමක්ද?
ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා 2014 දෙසැම්බර් 22 වනදා නිකුත්කර තිබූ අංක 1894 / 4 දරණ ගැසට් නිවේදනය අවලංගු කළේ ය. 2014 ගැසට් නිවේදනය මගින් සිදුකර තිබුණේ, කෘෂි රසායන ද්‍රව්‍ය 5 ක් නිශ්චිතව සඳහන් කළ ප්‍රදේශ කිහිපයක භාවිතය සහ විකිණීම තහනම් කිරීමයි. ඊට ඇතූළත් වූයේ ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් යන කෘෂි රසායන ද්‍රව්‍ය 5 යි. 2014 නිකුත් කළ ගැසට් නිවේදනය 2018 ජූලි 11 වනදින නැවත සංශෝධනය කර ඇති අකාරයක් දැකගත හැකියි. 2018 සිදුකළ එම සංශෝධනයෙන් අදාළ නිශ්චිත ප්‍රදේශවල භාවිතය සහ විකිණීම තහනම් කෘෂි රසායන ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ග්ලයිෆොසෙට් ඉවත්කර තිබිණ.එසේ නම් ඊයේ සිදුකළ සංශෝධනයේ අර්ථය කුමක්ද?