කින්නියාහි කළපුවක පාරුවක් පෙරළී ළමුන් පිරිසක් අතුරුදන්

by Staff Writer . 23-11-2021 | 9:01 AM

COLOMBO (NEWS1ST) : ත්‍රිකුණාමලය , කින්නියා, කුරිඤ්ඤන්කර්නි ප්‍රදේශයේ කළපුවක යාත්‍රා කළ පාරුවක් පෙරළීමෙන් ළමුන් පිරිසක් අතුරුදන් වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ළමුන් 20 දෙනෙකු පමණ එම පාරුවේ ගමන් කර ඇති බවයි. අනතුරින් ළමුන් 07 පමණ බේරාගෙන ඇතැයි ද පොලීසිය පැවසී ය.